විදුලි විසන්ධි වීමකදී දැනුවත් කරන ආකාරය ගැන CEB වෙතින් විශේෂ දැනුම්දීමක්

විදුලි විසන්ධි වීමකදී දැනුවත් කරන ආකාරය ගැන CEB වෙතින් විශේෂ දැනුම්දීමක්

විදුලිය විසන්ධි වීමකදී SMS සේවාව ‘1987’, CEBcare Mobile Application හෝ CEB වෙබ් අඩවිය හරහා පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

පැවති වැසි තත්ත්වය සමග පසුගිය දින 3 තුළ විදුලිය බිඳවැටීම් 36,900කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, මේ හේතුවෙන් පාරිභෝගිකයින් ලක්ෂ 3කට වැඩි පිරිසකට විදුලිය ඇණහිට ඇති බවයි.

එම බිඳවැටීම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමට අමතර පිරිස් යොදවා ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයට ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් බාධා එල්ල වූ බදුල්ල සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.