එළවලු මිල යළිත් නගී
වර්ෂාවත් සමග වෙළඳපොළේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
ඉකුත් මාසය තුළදී වෙළඳපොළේ එළවලු මිල ගණන් සීඝ්ර ලෙස පහළ ගොස් තිබුණේ එළවලු තොග වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීම හේතුවෙන්.
මිල ඉහළ යෑමත් සමග බෝංචි කිලෝවක් රුපියල් 700 දක්වාත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 480 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, කන්ද උඩරට වගා කෙරෙන අනෙකුත් එළවලු කිලෝවක මිලද අද වන විට දැක්වුණේ රුපියල් 350 සීමාවේයි.