ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය අදයි

ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය අදයි

ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය එසේත් නැතිනම් MH දිනය, සෑම වසරකම මැයි 28වනදා සමරනු ලබනවා.

සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා ඔවුන්ගේ ඔසප් චක්‍රයේ සනීපාරක්ෂාව පවත්වා ගැනීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහා මෙම දිනය නම් කර ඇත තිබෙනවා.

මෙම දිනය නම් කිරීමේ අරමුණ වී ඇත්තේ, යහපත් ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඔසප් වීම හා සම්බන්ධ පවතින සමාජ තහනම් බිඳ දැමීමයි.

මැයි 28 ඔසප් සනීපාරක්ෂාව දිනය ලෙස තෝරා ගෙන ඇත්තේ, එම දිනය ඔසප් චක්‍රයක සාමාන්‍ය කාලය ලෙස සැලකෙන නිසයි.

මෙවර 2024 ලෝක ඔසප් සනීපාරක්ෂක දිනයේ තේමා පාඨය ලෙස නම් කර ඇත්තේ, #PeriodFriendlyWorld ලෙසයි.

2013 වසරේ පළමු වරට මෙම දිනය නම් කෙරුණු අතර මෙවර සමරන්නේ එහි 11වන සංවත්සරයයි.

COMMENTS