පොහොට්ටු කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
සිවිල් සංවිධාන කිහිපයක් එක්ව, පාර්ලිමේන්තුව අසල සිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නෙළුම් මාවත පරිශ්‍රය දක්වා විරෝධතා පා ගමනක් පැමිණ තිබෙනවා.
“රට වනසන පනත් පරාජය කරමු” ලෙස සටහන් කළ විරෝධතා පුවරු සහිතවයි මේ පිරිස පැමිණ ඇත්තේ.
විරෝධතාකරුවන් නෙළුම් මාවතට ඇතුල් වන මාර්ගය අසලදී පොලිසියෙන් බාධා කිරීමත් සමගම උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.
එහිදී එම ස්ථානයේ පොල් ගසමින් විරෝධය පළ කළ විරෝධතාකරුවන් අමාත්‍ය ප්‍රසන්න රණතුංගටත් විරෝධයක් පළ කර තිබෙනවා.
ඒ අමාත්‍යවරයා එම මාර්ගයෙන් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟයි.
විරෝධතාකරුවන් අමාත්‍යවරයාට හූ කියා විරෝධතාව පළ කළ අතර අමාත්‍යවරයා ඒ අතර මාධ්‍යයට අදහස් පළ කිරීමක්ද සිදුකළා.
විරෝධතාවෙන් අනතුරුව දෙපාර්ශ්වයම ඉන් ඉවත්ව ගිය බවයි වාර්තා වෙන්නේ