ශ්‍රී ලංකන් වලට වෙන්න යන වැඩේ
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්රථිව්යුහගතකරණ ක්‍රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබෙන බව වාර්තා වනවා.
එම ගුවන් සේවය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතන 6ක් අතුරින් 3ක් සඳහා අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවය තවදුරටත් රජය මගින් නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
එම ආයතනය ඉදිරියටත් පවත්වාගෙන යාම හා සේවක සුරක්ෂිතතාව සැලකිල්ලට ගෙන ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කළා.
ඒ අනුව ඉදිරිපත් වූ ලංසුකරුවන් 6 දෙනෙකුගෙන් තුන් දෙනෙකු කෙටි ලැයිස්තුගත කර තිබෙනවා.
ෂෙරීෂා සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ඉන් එක් ආයතනයක්.
මෙය දේශීය සමාගමක් වන අතර එහි නිර්මාතෘ ආර් එම් මනිවන්නන් මහතා මෙරට බලශක්ති අර්බුදය අවසන් කර රට යථාවත් කිරීමට ප්රමුඛ කාර්යයක් ඉටුකළ දේශීය ව්‍යවසායකයෙකු ලෙසයි ප්රකටව සිටින්නේ.
අනෙක් ආයතනය වන්නේ එයාර් ඒෂියා කන්සල්ටින් සමාගමයි.
ගුවන් සේවා උපදේශන ක්ෂේත්රයේ ප්‍රකට සමාගම් වන එය ශ්‍රී ලංකා ගුවන් සේවය නගා සිටුවීම පිළිබද නව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය භාරගැනීමට ඉදිරිපත්ව සිටින අනෙක් ආයතනය වන්නේ හේලීස් පුද්ගලික සමාගමයි.
කෘෂිකර්මාන්තයේ සිට සැපයුම් සේවා හා ප්‍රවාහනය දක්වා මෙරට විශාලතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස එය ප්රකටව පවතිනවා.
මෙම ආයතන තුන දෙස බලනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය දේශීය ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය දක්වන උනන්දුව කැපී පෙනෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ද මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමුකළා.