ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් පොරොන්දුවක්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් පොරොන්දුවක්

රුසියානු යුක්‍රේන යුද ගැටුම් සඳහා මැදිව සිටින මෙරට විශ්‍රාමික යුද හමුදා සෙබළුන් කඩිනමින් දිවයිනට ගෙන්වා දෙන්නැයි ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඊයේ කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවුණි.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි වලේබොඩ සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද සහභාගී වී සිටියේය.

විරෝධතාවයේ නිරත පිරිස රුසියානු තානාපති කාර්යාලයට සංදේශයක් භාරදුන් අතර එහිදී ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණි.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan,

“මට පැහැදිළියි ඇයි මේ ජනතාව රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටට ඇවිත් ඉන්න කාරණය මොකක්ද කියලා. මට කණගාටුයි මේ වනවිට සිදුවෙමින් පවතින දේ ගැන. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙස මම පොරොන්දු වෙනවා මම මගේ උපරිමයෙන්ම කටයුතු කරනවා මේ ප්‍රශ්නය හැකි ඉක්මනින්ම සමථයකට පත්කර ශ්‍රී ලාංකික අපේ මිතුරන් යළි ගෙන්වා ගැනීමට. මම මගේ උපරිමයෙන්ම එය සිදුකරනවා.” යනුවෙන්

COMMENTS