සඳුදා උත්තර දෙන රංගේ
ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා (3)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
සියලු දෙනාගේ ප්‍රශ්න වලට එහිදී පිළිතුරු ලබා දෙන බව කී රංගේ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී සඳුදා පෙරවරු 10ට එම විශේෂ ප්‍රකාශය සිදුකරන බව සඳහන් කළේය.
තමා කළ ප්‍රකාශය ගැන විවිධ උදවිය විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබෙන බව කී රංගෙ බණ්ඩාර මහතා සිරිකොත මන්දිරය ඉදිරිපිටට පැමිණි අති විශාල හත් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් උද්ඝෝෂණයක්ද කළ බව කීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් පාලිත රංගෙ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.