“ශේෂ” සිනමා පටයට ”Cannes” හිදී සම්මානයක්

“ශේෂ” සිනමා පටයට ”Cannes” හිදී සම්මානයක්

ශ්‍රී ලංකාවේ සිනමා නිර්මාණයක් වන “ශේෂ” Cannes International Film Festival හා සමගාමීව පැවැත්වෙන ”Remember The Future” ජාත්‍යන්තර චිත්‍රපට සම්මාන උළෙලේ, හොඳම නර්තන චිත්‍රපටය ( BEST DANCE FILM) සම්මානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව එළඹෙන ජුනි 15 වනදා මෙම සම්මාන උළෙල ප්‍රංශයේ ”Cineum Cannes” හිදී පැවැත්වීමට නියමිතයි.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකයේ නිර්මාණයක්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ විසින් රඟදැක්වූ අතර උමාලි තිලකරත්න ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක විය.

චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය සහ පිය පුතු සම්බන්ධය වටා ගෙතෙන්නකි.