ආසියාවේ දෙවැනි ජනප්‍රියම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව වෙයි
සංචාරක ආකර්ෂණය අතින් කලාපීය රටවල් අතර ඉදිරියෙන් පසුවන ශ්‍රී ලංකාව ආසියාවේ දෙවැනි ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙස නම් කර තිබේ. ඉන්දීය ජනමාධ්‍ය ආයතනයක් වන ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ විසින් මේ ලැයිස්තුගත කිරීම සිදුකර ඇත. ඒ අනුව ‘ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත’ අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබේ. ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව තිබීම ද විශේෂත්වයකි.
Times Travel විසින් ශ්‍රී ලංකාව පෙන්වාදී ඇත්තේ රටේ පොහොසත් සංස්කෘතික උරුමයන්, සිත් ඇදගන්නාසුලු වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධ දූපතක් ලෙසයි. ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය, නේපාලය සහ ජපානය යන රටවල් සමඟ ශ්‍රී ලංකාව මෙලෙස ලැයිස්තුගත කිරීම සිදු කර තිබෙන බව ද වාර්තා වෙයි. මෙවැනි තත්ත්වයක් තුළ 2023 වර්ෂයට සාපේක්ෂව මේ වසරේදී විශාල සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙන අතර, මේ වසරේ මැයි මාසයේ මේ දක්වා කාලයේ විදෙස් සංචාරකයන් 79,431 දෙනකු පැමිණ තිබේ.