තායිලන්තයේ සංචාරයට යන ලාංකිකයන්ට නිදහස් වීසා

තායිලන්තයේ සංචාරයට යන ලාංකිකයන්ට නිදහස් වීසා

ලංකාව ඇතුළු රටවල් 36කින් තායිලන්තයේ සංචාරයට පැමි‍ණෙන සංචාරකයන් වෙනුවෙන් නිදහස් වීසා ලබාදිමට තායිලන්ත රජය ත‍ීරණය කර ති‍බේ. තායිලන්තය වෙනුවෙන් වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් එරට කැබිනට් මණ්ඩලය පසුගිය දා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එරට සංචාරක අමාත්‍යාංශය විසින් සිදුකළ යෝජනාවකට අනුමැතිය ලබා දෙමින් මෙතෙක් තායිලන්තයට ඇතුල් වීම සඳහා visa-free ප්‍රවේශ පහසුකම ලබා දී තිබුණු රටවල් සංඛ්‍යාව 57 සිට 93 ක් දක්වා වැඩි කිරීමට අනුමැතිය හිමිව ඇත.

ලංකාවට අම්‍තරව ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකා, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව සහ රුමේනියාව නව පහසුකම ලැබී තිබේ.

තායිලන්තයේ මෙම නව වීසා ප්‍රතිපත්තිය 2024 ජූනි 24 දින සිට බලපැවැත්වෙනු ඇත.