පාකිස්තානය චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවයි
පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා.
මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි.
පළමු චන්ද්‍රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්‍රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බවයි පැවසෙන්නේ.
පාකිස්තානය චන්ද්‍රිකාව නිපදවූයේත්, එය අභ්‍යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙන්.
චීනය අභ්‍යවකාශය ජයගත් ආසියානු රටක්.
මේ වනවිට චීනය පෘථිවි කක්ෂයේ ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටිනවා.
ඉදිරියේ දී සඳ තරණයටත් චීනය සූදානම් වනවා.