ආපදා මරණ සංඛ්‍යාව17 දක්වා ඉහළට
ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී ඇත.