ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් අද (04) පස්වරුවේ ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවී පැවතීම හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව සඳහන්.

ඒ අනුව රඹුක්කන, පොල්ගහවෙල, මහනුවර, කුරුණෑගල සහ මහව වැනි ප්‍රදේශ දක්වා ධාවනය වන දුම්රිය ද ප්‍රමාද විය හැකි බවයි වාර්තා වන්නේ.

COMMENTS