ලංකාවට කඩුළු 6ක පරාජයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා තරගයේ ජය හිමි කරගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.
ඒ කඩුලු 6කින්.
මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා සියලු ක්‍රීඩකයින් ලකුණු 77 කට දැවී ගියා.
කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකියාවක් ලැබුනේ නෑ.
ශ්‍රී ලංකා ව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් පන්දු 30කට මුහුණදෙමින් ලකුණු 19ක් රැස්කළ අතර ඇන්ජලෝ මැතිව්ස් රැස්කළේ ලකුණු 16ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගයකදී පළමු පන්දුවාර 10යට ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙහිදී ලබා ගැනීමත් විශේෂත්වයක්.
පන්දු යැවීමේදී Anrich Nortje ලකුණු 7කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2කදී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජය ගත්තා.