මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කෙරේ

මෙක්සිකෝවේ නගරාධිපතිනිය වෙඩි තබා ඝාතනය කෙරේ

බටහිර මෙක්සිකෝවේ නගරයක නගරාධිපතිනියක ඝාතනයට ලක් විය. නගරාධිපතිනිය ඝාතනයට ලක් වූයේ, මෙක්සිකෝවේ ජනාධිපති ධුරය පළමු වරට කාන්තාවකට හිමිවී පැය කීපයක් ගත වෙද්දීය.

වෙඩි තබා ඝාතනය කෙරුණේ කොඩියා නමැති නගරයේ නගරාධිපතිනී යොලැන්ඩා සැන්චේස්ය.

යොලැන්ඩාගේ ඝාතනය සිදුවූයේ මෙක්සිකෝවේ පැවැති ජනාධිපතිවරණයෙන් පාලක පක්ෂය නියෝජනය කළ ක්ලෝඩියා ෂිබවුම් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමෙන් පසුවය.

සැන්චේස් 2021 වසරේ සිට කොඩියා වනගරයේ නගරාධිපතිනිය ලෙස කටයුතු කරමින් සිටියාය. ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මාර්ගයක ගමන් කරමින් සිටිද්දී.

https://tinyurl.com/4ntv5ry4

COMMENTS