විදුලිබල පනත නීතියට පටහැනියි

විදුලිබල පනත නීතියට පටහැනියි

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට ඊයේ ( 04) දැනුම් දුන්නේ ය.

ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය බවත් කතානායකවරයා කීවේය.

කතානායකවරයා මේ බව සඳහන් කළේ එම විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි.

එසේ වුවද පනත් කෙටුම්පතෙහි 1(2) , 1(3) ,3 ( 6) , 10( 1), 11 ( 1) ,12 ( 1), 17,18(3) 18(5) යන වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරිදි සංශෝධන සිදු කරන්නේනම් එම අනුකූල නොවන තත්ත්වය ඉවත් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි ද කතානායකවරයා කීවේය.

COMMENTS