ණය ප්‍රමාණය වැඩිවීමට හේතුව මුදල් ඇමති කියයි
මෙම වසරේ මුල් මාස 03 තුළ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 04කින් ඉහළ ගිය හේතුව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැහැදිලි කර තිබෙනවා.
2023 දෙසැම්බර් 31 දිනවන විට ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 323.9 ක් බවත්, 2024-03-31වනවිට ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 301.1ක් බවත්, ඒ අනුව එම මාස තුන තුළ ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් විසි තුනකට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව ඩොලරය 7% කට ආසන්න ප්‍රමාණයකින් රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවත්, අපගේ මුළු ණය තොගය 2024-03-31වන දිනට සාපේක්ෂව බලා රුපියල් අගය ඩොලර්වලට හැරවූ විට ඩොලර් වටිනාකම බිලියන 4.6කින් වැඩිවන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
එසේ වීමට හේතුව අලුත් ණය ගැනීමක් නොව ඩොලරය රුපියලට සාපේක්ෂව අවප්‍රමාණය වීම බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවේ.