බෝට්ටුවක් පෙරළෙයි – 49 ක් මරුට

බෝට්ටුවක් පෙරළෙයි – 49 ක් මරුට

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් 140 ක් අතුරුදන්ව ඇති බවයි එම වාර්තාවන් පේනවා දෙන්නේ.

වාර්තා වන පරිදි මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය පැවසුවේ.

මෙම අනතුර සිදුවන විට බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිට තිබෙනවා.

ඔවුන් වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආ වැසියන් බවයි තහවුරු වී ඇත්තේ.

මෙම පිරිස, කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට යෑමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වී තිබෙනවා.

අනවසර සංක්‍රමණිකයන් පිරිස, උත්සාහ ගෙන ඇත්තේ යේමනයේ සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමටයි.

බෝට්ටුව මුහුදේ ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගැනීමට සමත් වී මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් ඔවුන්ගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.

https://tinyurl.com/ye2xkaf3