කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

කේන් විලියම්සන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු එක්දින සහ විස්සයි විස්ස තරග රටාවල ඔහු හෙබ වූ භූමිකාව නිමාවන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

දීර්ඝ කාලයක සිට නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දුන් විලියම්සන් 2021 වසරේදී සිය කණ්ඩායම 20යි 20 ලෝක කුසලානයේදී අවසන් පූර්ව වටයට ගෙන ඒමට කටයුතු කළා.

තවද ඔහු 2019 වසරේදී එංගලන්තයේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය කණ්ඩායම අවසන් මහා තරගය කරා කැටුව ඒමේ ගමනට නායකත්වය ලබා දුන්නා.

කෙසේ නමුත් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවත් වූ නවසීලන්ත කණ්ඩායමට නායකත්වය දුන් ඔහු 2024/25 වර්ෂ සදහාවන ජාතික කොන්ත්‍රාත්තුවෙන්ද ඉවත් වූ බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

COMMENTS