උතුරු කොරියාවේ සහය රුසියාවට

උතුරු කොරියාවේ සහය රුසියාවට

උතුරු කොරියාව සහ රුසියාව අතර සබදතා තර කර ගැනීමේ උපාය මාර්ගික හවුල් කාරීත්ව ගිවිසුමකට දෙරටේ නායකයන් අත්සන් කර තිබෙනවා.

ඒ වසර 24කට පසු උතුරු කොරියාවේට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ සංචාරයට සමගාමීවයි.

ලෝක බලවතුන්ගේ දැඩි විවේචන මැද මෙම සංචාරයට එක් වූ රුසියානු ජනාධිපතිවරයාට උතුරු කොරියාවෙන් උණුසුම් පිළිගැනීමක් හිමිව තිබුණා.

උතුරු කොරියානු නායකයා මෙහිදී ප්‍රකාශ කළේ, යුක්‍රේන යුද්ධයේදී රුසියාවට කොන්දේසි විරහිතව සහය දෙන බවයි.

https://tinyurl.com/mv3c5mew