බේස්බෝල් පුරාවෘත්තයක නිමාව

බේස්බෝල් පුරාවෘත්තයක නිමාව

වසර 22 ක් පුරා විහිදී ගිය විශිෂ්ටතම ක්‍රීඩා දිවිය සනිටුහන් කළ බේස්බෝල් පුරාවෘත්තයක් වන විලී මේස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 93ක්.

“මගේ පියා සාමකාමීව සහ ආදරණීයයන් අතර අභාවප්‍රාප්ත වී ඇත,” යනුවෙන් ඔහුගේ පුත් මයිකල් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා සිටියා.

San Francisco Giants කණ්ඩායම සම්බන්ධ වී සිටි විලී මේස්ගේ වියෝව හමුවේ ක්‍රීඩා ලෝලී බොහෝ දෙනෙක් දැඩි ශෝකයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටින්නේ.

https://tinyurl.com/2p75v5dm

COMMENTS