සෙලෙන්ස්කි මිත්ර රටවලින් ආයුධ ඉල්ලයි
රුසියාව එල්ල කළ ප්රහාරයෙන් පසු යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි මිත්ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙනවා.
රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයකින් ළමයින් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළා. ගිනිකොනදිග සපොරිශ්ෂියා නගරය ආසන්නයේ විල්නියාන්ස්ක් නගරයට එල්ල කළ රුසියානු ප්රහාරයෙන් තවත් 31 දෙනෙකු තුවාල ලැබූවා.
ඊයේ දිනයේ ද රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්රහාරවලින් සිවිල් වැසියන් 11 දෙනෙකු මිය ගොස් තවත් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.
මේ අතර නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ ගම්මාන තුනකට එල්ල වූ කාලතුවක්කු ප්රහාරවලින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.