ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඕස්ට්‍රේලියාව දෙගුණයක් කරයි

ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඕස්ට්‍රේලියාව දෙගුණයක් කරයි

ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කළ බව ඕස්ට්‍රේලියානු රජය සඳහන් කරනවා.

වාර්තාගත සංක්‍රමණ පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ජූලි 1 සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,600 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, ආගන්තුක වීසා බලපත්‍රලාභීන්ට සහ තාවකාලික උපාධි වීසා සහිත සිසුන්ට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම තහනම් කර තිබෙනවා.

https://shorturl.at/wuL3A