සංජී­වනී ගේ “වට වන්දනා” රසි­ක­යන් අත­රට

සංජී­වනී ගේ “වට වන්දනා” රසි­ක­යන් අත­රට

“පින් කර තිබු­ණත්”, පළමු ස්වතන්ත්‍ර නිර්මා­ණ­යෙන් රසික හද­වත් හඳු­නා­ගත් විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය සංජී­වනී රූප­සිං­හගේ නව­තම ගීතය ‘වට වන්දනා’ පසු­ගිය දින ජන­ගත කෙරිණ. එහි ගේය පද මහින්ද දිසා­නා­යක, තනුව සහ සංගී­තය විශා­රද අජිත් ජය­වී­ර­ගෙනි.

ඇය ගැයූ ගී අත­රින් මේ වන විට රසි­ක­යන් අතර ජන­ප්‍රි­ය­ත්ව­යට පත් ගීත ගොන්නක් වේ. මේ දින­වල නාළි­කා­වල හා සමාජ මාධ්‍ය ජාලා­වල ඇසෙ­න්නට ලැබෙන ගීත අතර “මේ කඳුළු මුතු නොවෙයි, සෙව­ණැලි ද සැලෙයි, සුරං­ගනා සාද පොළේ සේද වියා, හරිම ලස්සන හීන තිබුණා, ලාභ සොඳු­රි­යක් නොවේය මං, මුළු ලොව නුඹ හා සුනිල විලක පිපි පියුම, පාළු නිසං­සලේ, හඬන සිත ලැගුම් අරන්, ගඟක් සේ උතුරා ගලයි සිත” ගීත වෙයි.