අපි ණයත් නෑ, බයත් නෑ – බැසිල්

අපි ණයත් නෑ, බයත් නෑ – බැසිල්

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27 ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“මේ පක්ෂට ඉදිරියට ගෙනයෑමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතු කරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි. ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞරවයෙන්. අපේ පක්ෂයේ සියලු දෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා. අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා. ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත්, ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලත් ඔබතුමාට සඳහන් කරනවා.”

එම උත්සවයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ අභියෝග භාර ගනිමින් රට ඉදිරියට ගෙනයන නායකත්වය සමඟ ජනතාව කටයුතු කළ යුතු බවය.

COMMENTS