එංගලන්ත පාර්ලිමේන්තුවට ගිය බේබී

එංගලන්ත පාර්ලිමේන්තුවට ගිය බේබී

බ්‍රිතාන්‍යයේ පැවති මහ මැතිවරණයෙන් වයස අවුරුදු 22ක තරුණයෙක් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මැතිවරණය ජයග්‍රහණය කළ සෑම් කාර්ලින් නම් මෙම තරුණ මන්ත්‍රීවරයා “පාර්ලිමේන්තුවේ බේබි” ලෙස හැඳින්වීමට ඉඩ ඇති බවයි එරට දේශපාලන විචාරකයින් පවසන්නේ.

මන්ත්‍රීරයා වැඩි ඡන්ද 39කින් ජයග්‍රහණය කළේ, වයඹදිග කේම්බ්‍රිජ්ෂයර් කොට්ඨාසය නියෝජනය කරමින්.

වසර 22ක් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ, ශයිලෙෂ් වාරා පරාජයට පත් කරමින් මෙම තරුණයා මැතිවරණයෙන් ජයගනු ලැබුවා.

https://shorturl.at/eidB2