මෝදි, පුටින් හමුවෙයි

මෝදි, පුටින් හමුවෙයි

රුසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව තිබුණා.

රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි සිදු කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී ඔවුන් එකිනෙකා හමුව තිබුණේ රුසියානු නායකයාගේ පුද්ගලික නිවහනේදී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මොස්කව් අගනුවර පිහිටි රුසියානු ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස වන නොවෝ ඔගර්යොවෝ (Novo-Ogaryovo) ලෙස හැඳින්වෙන නිවසේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරනවා.

එහි දී නායකයින් දෙපළ අතර නිල නොවන රැස්වීමක් පැවැත්වූ බවත් වාර්තා කරන එම මාධ්‍ය වාර්තා පවසන්නේ, රුසියානු ජනාධිපතිවරයා විසින් මෝදි අග්‍රාමාත්‍යවරයා උණුසුම් අයුරින් පිළිගෙන ඇති බවයි.

මේ අතර ඉන්දීය අගමැති මෝදි සහ ව්ලැඩිමීර් පුටින් පෞද්ගලික හමුව සහ ඔවුන් සතුටු සමිචියේ යෙදෙන අයුරු නායකයින් දෙපළ විසින් සිය X ගිණුම්වල පල කර තිබුණා.

https://shorturl.at/hr7uy