බස්නාහිර ත්‍රිරෝද ගාස්තු 15දා සිට අඩු කෙරේ

බස්නාහිර ත්‍රිරෝද ගාස්තු 15දා සිට අඩු කෙරේ

බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ගාස්තුව ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේ.

මේ අනුව පළමු කිලෝමීටරයට පැවති රුපියල් 100ක් එලෙසම පවතින අතර දෙවැනි කිලෝමීටරයේ පැවැති රුපියල් 100 රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් අඩු කර ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා කීවේය.

අන්තර් වාර මිලක් ලෙස හඳුන්වාදෙන නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මඟින් තීරණය කරනු ලබන බවත් ඒ සඳහා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුව මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද කීවේය.

මේ මිල ගණන් අය නොකර වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකතන අංක 076 – 045 0860, වට්ස්ඇප් මඟින් දැනුම් දෙන ලෙස සභාපතිවරයා ත්‍රිරෝද රථ පාරිභෝගිකයන්ට දැනුම් දී සිටියි.