යාපනයට කඩුලු 7ක ජයක්

යාපනයට කඩුලු 7ක ජයක්

Colombo Strikers සහ Jaffna Kings කණ්ඩායම් අතර අද (10) පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Jaffna Kings කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 188ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කයක් සපුරා ගැනීමට සමත් වුණා.

එහිදී Rilee Rossouw නොදැවී ලකුණු 108ක් රැස් කළ අතර Avishka Fernando සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 58ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Dunith Wellalage, Taskin Ahmed සහ Shadab Khan එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Glenn Phillips ලකුණු 58ක් රැස් කළ අතර Angelo Perera ලකුණු 34ක් සහ Rahmanullah Gurbaz ලකුණු 27ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Azmatullah Omarzai සහ Asitha Fernando කඩුලු 2 බැගින් දවා ගත් අතර Pramod Madushan, Tabraiz Shamsi සහ Fabian Allen එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

COMMENTS