ආසියාවේ ධනවත්ම විවාහ උත්සවයට ලොව පුරා කෝටිපතියන් සහ ක්‍රීඩා තරු මුම්බායි නුවරට
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වූ ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින 03ක දැවැන්ත විවාහ මංගල්‍ය අද (12) සිට ආරම්භ වනවා.
හින්දු නක්ෂත්ර ක්‍රමවේදය අනුව දින යොදාගත් මෙම විවාහ මංගල උත්සවයේ පළමු දිනයේදී ශුබ් විවාහ ලෙස නම් කර ඇති චාරිත්‍ර ඉටු කෙරෙන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
විවාහ මංගල්‍යය සඳහා බොලිවුඩ්, හොලිවුඩ් තරු මෙන්ම ලොව ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ දේශාපලනඥයින්ද එක් වී සිටිනවා.
ඒ සඳහා අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිළියක්ද වන කිම් කාර්ඩෂියන් ද මුම්බායි නගරයට ළඟා වීම ලොව බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.
එමෙන්ම රෙස්ට්ලින් ක්‍රීඩාවෙන් ලොව පුරා ක්‍රීඩා ලෝලින් අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා මෙන්ම කෝටිපතියන් රැසක් ඊට එක්ව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විවාහ මංගල්‍යය සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,000කට ආසන්න පිරිවැයක් දරා ඇති බවයි.
කෙසේ වෙතත් එය අම්බානි පවුලේ ධනයෙන් 0.05%ක් පමණයි.