වැඩ වර්ජන මෙහෙයවන්නේ අපි නෙවෙයි රනිල් – සුනිල් හඳුන්නෙත්ති
මෙම දින කිහිපයේ පවතින වැඩ වර්ජනය මෙහෙය වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
පිරිසකට පමණක් වැටුප් වැඩි කිරීමක් ලබාදී, තවත් පිරිසකට ගැටලුවක් ඇති කළ බවයි ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.
රාජ්ය සේවකයින්ට සටන් පාඨ නිර්මාණය කර දුන්නේ ආණ්ඩුව විසින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.