ඔටිසම් ගැන දැනුවත් කිරීමක්

ඔටිසම් ගැන දැනුවත් කිරීමක්

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගේ කුසලතා හඳුනාගෙන ඔවුන් සමාජ ගත කිරීමට සමාජය සහය විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කොළඹ පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නිමිෂා මුත්තයියා ප්‍රකාශ කළේ ඔටිසම් දරුවන් පිළිබඳ මෙරට දත්ත නොමැති බවයි.

ඔටිසම් යනු දරුවෙකුගේ මොළයේ අසාමාන්‍ය වර්ධන තත්ත්වයක්.

මෙය ලෝකයේ වැඩිවන ප්‍රවණතාවක් සහිත වර්ධන තත්ත්වයන්ගෙන් එකක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔටිසම් තත්ත්වයේ මුල් අවධියේදී සැලකිල්ලට ගත යුතු ලක්ෂණ වන්නේ මාස 12ක් වන විට දරුවා බහ තේරීමේ ප්‍රමාදයක් දැකිය හැකි වීම,මාස 12 වන විට දරුවා ඇගිල්ල දිගු කොට තම අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකිරීම වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, මාස 16 වන විට දරුවා වචන දෙකක් සහිත වාක්‍ය නොපැවසීම, ඕනෑම අවධියකදී දරුවා ලබා ගත් වර්ධන කුසලතා නැතිවී යා හැකියාව පවතිනවා.

මෙයට ඔටිසම් තත්ත්වයෙන් පෙලුණද 2015 වර්ෂයේ පැවැති විශේෂිත ඔලිම්පික් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් ලබා දුන් අග්බෝ මනුල ජයවර්ධන ද මෙහිදී අදහස් පළ කිරීම විශේෂත්වයක්.