මේ පුන්ය භූමියෙන් අසත්පුරුෂයින් දුරුවේවා, වසන්තගේ මවගේ පාර්ථනාව
පසුගියදා වෙඩි ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ වසන්ත නැමැත්තාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා.
එවැනි පුතෙකු ලැබුණේ තමාට පමණක් බවද සඳහන් කළා.
තමා දැන් “මගේ පුතා” කියා නොපවසන බවත් “ඔබතුමාට නිවන්සුව” යැයි ප්රාර්ථනා කරන බවත් වසන්තගේ මව පැවසුවා.
එමෙන්ම මේ පුන්ය භූමියෙන් අසත්පුරුෂයින් දුරුවේවා යැයි ප්රාර්ථනා කරන බවද ඇය වැඩිදුරටත් සිය අවමංගල කතාවේදී සඳහන් කළා.