ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා එතැනදීම ඝාතනය කෙරේ
රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලන රැළියක් අමතමින් සිටියදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩි තැබූ පුද්ගලයාව මධ්‍යම බුද්ධි ඒජන්සිය විසින් නම්කර තිබේ.
පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.
රෝහල්ගත කළ හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිව් ජර්සි හි පිහිටි තම නිවසට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී එම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අද (14) එම පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිකිරීමට බලධාරීන් කටයුතු කළේය.
එම සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකි.
මෙම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය