ගෙවුණු මාස 06 ට ඩෙංගු රෝගීන් 30,000ක්

ගෙවුණු මාස 06 ට ඩෙංගු රෝගීන් 30,000ක්

මෙම වසරේ ගෙවුණු මාස 06 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 30,227ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 12ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයේවන අතර එම රෝගීන් ප්‍රමාණය 6,965ක්.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,126ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 3,998ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,441 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

COMMENTS