බංග්ලාදේශයේ ගැටුම් දරුණු වෙයි – 39ක් මරුට

බංග්ලාදේශයේ ගැටුම් දරුණු වෙයි – 39ක් මරුට

බංග්ලාදේශයේ සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් දෙදහාස් පන්සීයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.

1971 පකිස්ථානයෙන් නිදහස ලබා ගැනීම සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රජයේ රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමිනුයි සරසවි සිසුන් මෙම විරෝධතාවල නිරතවන්නේ.

ඊයේ පස්වරුවේ දහස් ගණනක් විරෝධතාකරුවන් එරට රජයේ රූපවාහිනී නාලිකාව වන බී. ටී.වී. පරිශ්‍රයට කඩාවැදුනු අතර ඔවුන් ඊට ගිනි තබා තිබුණා.

https://shorturl.at/gJj42