ඉන්ධන බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී බිහිසුණු අනතුරක්

ඉන්ධන බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් ගැටී බිහිසුණු අනතුරක්

ඉන්ධන රැගත් බවුසරයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවලා ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව මැදවච්චිය පොලීසිය පැවසීය.

අද (20) එම අනතුර සිදුවී තිබුණේ මහනුවර – යාපනය A9 මාර්ගයේ ඉකිරියගොල්ලෑව ප්‍රදේශයේදීය.

අදාළ අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලභහානි සිදුවී ඇති අතර ඉන්ධන රැගත් බවුසරය ඒ අසල වෙල්යායකට පෙරළී ගොස් තිබුණි.