අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට ලංකා සතොස ආතනය පියවර ගෙන තිබේ. රට පුරා පිහිටා ඇති සතොස අලෙවි ජාල මඟින් ඊයේ (19) සිට මේ භාණ්ඩ ලබා ගැනීමට හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පැවැසීය.
ඒ අනුව රුපියල් 1,500ට පැවැති උඳු පිටි කිලෝව රුපියල් 100කින්ද, රුපියල් 950ට පැවැති සතොස කිරිපිටි පැකට්ටුව රු. 40කින්ද, රුපියල් 190ට තිබූ පාන් පිටි කිලෝව රුපියල් රුපියල් 10කින්ද, රුපියල් 265ට තිබූ සුදු සීනි කිලෝව රුපියල් 5කින් ද, රුපියල් 204ට තිබූ සුදු කැකුළු කිලෝව රුපියල් 4කින්ද රුපියල් 260ට තිබූ කීරි සම්බා කිලෝව රුපියල් 2කින්ද අඩු කර තිබේ.