ගැබිනි කාන්තාවන් සහ දරුවන් අතර දියවැඩියා ආසාදිතයන් වාර්තා වීම ඉහළට
පසුගිය වසර 10ක කාලය තුළ ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් අතරින් දියවැඩියා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ හෝමෝන පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසනවා.
නාගරික ප්‍රදේශ තුළ ජීවත් වන පුද්ගලයන්ගෙන් 20%5ක් පමණ දියවැඩියාව රෝගයට ගොදුරු වී ඇති බවත්, පුද්ගලයාගේ උසට සරිලන බර පවත්වාගෙන යෑමෙන් දියවැඩියාව රෝගයට ගොදුරු නොවී සිටිය හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
සැම අයකුම දියවැඩියාවට ගොදුරු නොවී ජීවත් වීමට කටයුතු කළ යුතු බවත්, පුද්ගලයකුගේ නීරෝගිභාවයට අවම වශයෙන් පැය භාගයක්වත් ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය බවත් පැවසූ ඒ මහතා අධික සීනි සහිත ආහාර පරිභෝජනය ඉහළ යෑම හේතුවෙන් පුද්ගලයන් දියවැඩියාව රෝගයට ගොදුරු වන අතර, කිසියම් අයකුට දියවැඩියාව පවතින්නේ නම් අක්ෂි ඇතුළු සිරුරේ පවතින සෙසු අවයවවලටද හානි කරන බවයි ප්‍රකාශ කළේ.
පවුලේ සාමාජිකයකු දියවැඩියාවට ගොදුරු වී සිටින්නේ නම් පවුලේ සෙසු සාමාජිකයන් අතර ද දියවැඩියා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද ඒ මහතා පෙන්වා දෙනවා.