ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දෙනවා කියපු අය අද හොයා ගන්නත් නැහැ
එදා රටේ විශාල පිරිසක් ප්රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ ඡන්දය ලබා දෙනවා කියා බවත්, අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙන බවත්, ඒ අය අද වන විට හොයා ගැනීමටවත් නොමැති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණට රටේ ප්රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩ නඟා දීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පළාත් පාලන නියෝජිතයින් පිරිසක් සමඟ කොළඹ පැවැති හමුවකදීයී.
විපක්ෂය ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙන බවද ඔහු සඳහන් කළා.
සිංගප්පූරුව, ජපානය වැනි රටවල් ඉදිරියට පැමිණි ආකාරයට ශ්රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා බැලිය යුතු බවත්, දේශපාලන ක්රමය රටට සුදුසු ආකාරයට ගොඩ නැඟිය යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.