බංග්ලාදේශයේ සිසු අරගලයට තුඩු දුන් කෝටා ක්‍රමවේදය උසාවිය සංශෝධනය කරයි

බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍ය විරෝධතාවලට තුඩු දුන් රජයේ රැකියා අයදුම්කරුවන් සඳහා කෝටා ක්‍රමය අඩු කර තිබෙනවා.
ඒ අනුව රජයේ රැකියාවලින් 93%ක් කුසලතා මත වෙන් කරන ලෙස අධිකරණය නියෝග කර සිටියේ.
ඉතිරි 7%ක ප්‍රමාණය 1971 එරට නිදහස් සටනේ දී සටන් කළ නිලධාරින්ගේ ඥාතීන්ට සහ අනෙකුත් කාණ්ඩ සඳහා වෙන්කර තිබෙනවා.
ඒ අනුව 30%ක්ව පැවති එම කාණ්ඩය 7% අඩුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.