ළමා ප්‍රතිශක්තිකරණය අවදානමක

ළමා ප්‍රතිශක්තිකරණය අවදානමක

ගෝලීය ළමා ප්‍රතිශක්තිකරණ මට්ටම වඩාත් අවදානම් සහගත ලෙස පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙනී යන්නේ ළදරුවන් හතරෙන් තුනකට අඩු එන්නත් ආවරණයක් සිදුවන බවයි.

එමෙන්ම පසුගිය වසරේදී ලොව බොහෝ රටවල ළමා ප්‍රතිශක්තිකරණ ආවරණය ඇණහිට තිබූ අතර, මේ හේතුවෙන් සරම්ප රෝගය පැතිරීමද වේගවත් වී ඇති බව එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම රටවල් 31 ක පමණ එන්නත් නොලද දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ළමයින් මිලියන 6.5 ක් පමණ ඩී.ටී.පී. එන්නතෙහි පූර්ණ මාත්‍රාවන් සම්පූර්ණ කර නොමැති බව සඳහන්.

මීට අමතරව ගැබ් ගෙළ පිළිකාවට එරෙහි එච්.පී.වී. එන්නත සියයට 50 කට පමණ එන්නත්කරණය සිදු කර නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම සියයට 75 කට වැඩි පිරිසක් එන්නත් ලබාගැනීම පිළිබඳව දැනුවත්වීමක් නොමැති අතර, මේ හේතුවෙන් එන්නත්කරණයේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීම වඩා අවධානය යොමුකළ යුතු කරුණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කළේ.

මේ අතර මෙරට රෝහල් පද්ධතිය තුළ සියයට 80 ක පමණ ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ තත්වයෙන් බාල වීම හමුවේ තවත් ඖෂධ ගණනාවක් භාවිතයෙන් ඉවත දමා ඇති බවයි.

https://shorturl.at/cin3R

COMMENTS