ඊශ්‍රායලයෙන් යෙමනයේ තෙල් ගබඩාවකට දරුණු ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් යෙමනයේ තෙල් ගබඩාවකට දරුණු ප්‍රහාරයක්

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුධමය වාතාවරණය මධ්‍යයේ ඊශ්‍රායලය විසින් හූති සටන්කාමී කණ්ඩායමට එල්ල කළ පළමු සෘජු ප්‍රහාරය ලෙස සිදුකළ ගුවන් ප්‍රහාරවලින් යෙමනයේ හොඩෙයිඩා වරායේ තෙල් ගබඩාවලට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ගුවන් ප්‍රහාරයෙන් පසු තෙල් ගබඩා සංකීර්නයේ චන්ද්‍රිකා ඡායාරූපද, විදෙස් මාධ්‍ය විසින් මුදාහැර තිබුණා.

එම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, හොඩෙයිඩා වරායේ තෙල් ගබඩාව තුළ දැඩි කළු දුමාරයක් සමග දැවැන්ත ගිණිදැල් මතුවන ආකාරය දක්නට ලැබෙනවා.

මේ අතර , මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 80ක් පමණ තුවල ලබා ඇති බවත් ඉන් බොහෝ දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා බරපතළ තත්ත්වයෙන් පසුවන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් හොඩෙයිඩා වරායේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රවාහයටද බලපෑම් එල්ල වී ඇති බවද එම වාර්තාවල සඳහන්.

https://bitly.cx/F3j5

COMMENTS