බයිඩන්ට වඩා ලේසියි කමලා හැරිස් පරද්දන එක

බයිඩන්ට වඩා ලේසියි කමලා හැරිස් පරද්දන එක

රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, නොවැම්බර් මැතිවරණයේදී උප ජනපති කමලා හැරිස් පරාජය කිරීම ජනපති ජෝ බයිඩන් පරාජය කිරීමට වඩා පහසුවනු ඇතැයි තමා සිතන බවයි.

මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් උප ජනපති කමලා හැරිස් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීමට ද ආරම්භ කර තිබෙනවා.

තවද, ට්‍රම්ප් පවසන්නේ ජෝ බයිඩන් තවදුරටත් ජනපති ලෙස කටයුතු කිරීමට නුසුදුසු බවයි.

ඒ අනුව, අමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති අපේක්ෂකත්වය හිමි පළමු දකුණු ආසියානු අමෙරිකානුවා සහ කළු ජාතික කාන්තාව ලෙස කමලා ඉතිහාස ගතවන අතරම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාපධිතිවරණයෙන් ජය ගැනීමට හැකිවුවහොත්, එහි ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ද ඇය වනවා.

ජනපති ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බව පසුගියදා නිවේදනය කර තිබුණා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, ජනපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.

එමෙන්ම, එහි ඔහු සඳහන් කර ඇත්තේ “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්.

https://shorturl.at/T0Apx

COMMENTS