සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක්

සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක්

සමාජයේ සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකුට ආඝාතය වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවන බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති වෛද්‍ය ගාමිණී පතිරණ පවසනවා.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ දට යෙදෙන ලෝක මස්තිෂ්ක දිනය නිමිත්තෙන් මාරාන්තික රෝගී තත්ත්වයක් වන ආඝාතය පිළිබඳව මේ දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

කෙසේවෙතත් ඒ අතරින් බොහෝ දෙනෙකු මෙම රෝගී තත්ත්වය පිළිබඳව නිසි දැනුවත් වීමක් නොමැති නිසා මරණයට ද පත්වන බව හෙතෙම කියා සිටියා.

ආඝාතය යනු මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම නිසා හෝ පුපුරායාම නිසා හදිසියේ ඇති වන රෝගී තත්ත්වයක්.

එය පුද්ගලයෙකුට ආබාධිත තත්ත්වය ඇතිකිරීමට ප්‍රධාන හේතු සාධකයක් ද වනවා.

ලොව පුරා වසරකට පුද්ගලයින් මිලියන 15කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරුවන අතර ඉන් මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වන බව ද අනාවරණ වී තිබෙනවා.

COMMENTS