රනිල් පුරුද්දට කරන දෙයක් ගැන නාමල් කියයි

රනිල් පුරුද්දට කරන දෙයක් ගැන නාමල් කියයි

මේ වෙනතුරු වචනයකින් හෝ බාධාවක් නොකරමින් රජයේ වැඩකටයුතු කරගෙන යාමට රනිල් වික්‍රමසිංහට අවස්ථාව ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නමුත් ජනාධිපතිවරයා මේවන විට පොදුජන පෙරමුණ දෙකඩ කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එය රනිල් වික්‍රමසිංහ පුරුද්දට සිදුකළ දෙයක් බවද පවසා සිටියා.

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය, යහපාලන ආණ්ඩුව, ජනතා විමුක්ති පෙරමුණ, එල්.ටී.ටී.ර්‍ර් එක සහ නිදහස් පක්ෂය කඩා දැමූ බවත් ඒ පුරුද්දට පොහොට්ටුව දෙකඩ කිරීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගන්නා බවයි නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.