අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල බස්සයි

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද සිට ලබාගත හැකි බවයි ලංකා සතොස පවසන්නේ.

ඒ අනුව සතොස කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර එහි මිල රුපියල් 910ක් ලෙස පහළ දමා තිබෙනවා.

එමෙන්ම මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වන අතර එහි එය රුපියල් 965ක් ලෙසයි පහළ දමා ඇත්තේ.

හාල්මැස්සන් කිලෝවක පැවති මිල රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950ක් වෙනවා.

ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර එහි මිල රුපියල් 285ක් ලෙස පහළ දමා තිබෙනවා.

එමෙන්ම කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වන අතර එය මිල රුපියල් 444ක් ලෙස මිල අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාන් පිටි කි‍ලෝවක පැවති මිල රුපියල් 190ක් වූ අතර මෙම සහනයත් සමග නව මිල රුපියල් 185ක් වෙනවා.

සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258ක් ලෙස සටහන් වී තිබෙනවා.

සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204ක් වූ අතර එය රුපියල් 199ක් ලෙසයි පහළ දමා ඇත්තේ.

එමෙන්ම පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185ක් වෙනවා.