කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරඟය අද

කාන්තා ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරඟය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් පූර්ව තරගය අද (26) පැවැත්වෙනවා.

රාත්‍රී හතට මෙම තරගය ආරම්භවන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගාවලියේ බී කාණ්ඩයේ මුල්තැනට පැමිණි ශ්‍රී ලංකාව සියලු තරග ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් පූර්ව තරගය දක්වා පැමිණි අතර, පාකිස්ථානය අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේ ඒ කණ්ඩයේ තරඟ දෙකක් ජයගහ්‍රණය කරමින්.

මේ අතර, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අනෙක් අවසන් පූර්ව තරගය ද අද පස්වරු දෙකට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ මේ දක්වා පැවති තරගවලදී වැඩිම ලකුණු ලාභිනිය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුයි.

ඇය තරග 3 කදී ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 180ක්.

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය බවට ඉන්දීය කණ්ඩායමේ දීප්ති ෂර්මා පත්ව ඇති අතර, ඒ තරග 3 කදී කඩුලු අටක් දවාගනිමින්.

COMMENTS