ජනපති අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප තැන්පත් කරයි

ජනපති අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනු ලබනවා.

එහිදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජනපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසත්, සරත් කීර්තිරත්න ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසත් ඇප මුදල් තැම්පත් කර ඇති බවයි.

එමෙන්ම, අහිනව නිවහල් පෙරමුණ නියෝජනය කරමින් ජනපති අපේක්ෂකයා ලෙස ඕෂල ලක්මාල් අනිල් හේරත්ද, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය වෙනුවෙන් ඒ. එස්. පී. ලියනගේද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙරට 09වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසුම හෙවත් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වැනි දින සිදුකරන බවට මැතිවරණ කොමිසම නිල වශයෙන් අද (26) ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ.

මෙවන් වටපිටාවක් තුළ ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා සම්බන්ධයෙන් වන අවසන් තීරණය එළඹෙන සඳුදා දින රැස්වී තීරණය කරන බවයි පක්ෂයේ අභන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.