නඩුව අවසන් වනතුරු දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කරන්න බැහැ

නඩුව අවසන් වනතුරු දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කරන්න බැහැ

අමාත්‍ය මණ්ඩලය විසින් කුමන තීරණයක් ගත්තද දේශබන්දු තෙන්නකෝන්ට නඩු විභාග අවසන් වනතුරු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් තහනම් කර ඇති බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මක වන බවත්, කැබිනට් තීරණ මගින් අධිකරණ නියෝග අවලංගු කළ නොහැකි බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයා සඳහන් කළේ.

දේශබන්දු තෙන්නකෝන්ට තවදුරටත් පොලිස්පතිවරයාගේ බලතල හෝ කාර්යයන් ක්‍රියාත්මක කළ නොහැකි බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.